ගතවූ දිනයේ කොවිඩ් මරණ ගණන 10 පනියි

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 11 වාර්තා වි තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයේ මෙය සඳහන්.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ ඉනාමලුව, කුලියාපිටිය, කටුවන, බෙන්තොට, සීදූව, මල්ලවගෙදර, ගෙලිඔය, යාපනය, උඩවලව, බුළුතොට සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් 11 දෙනෙක්.

ඔවුන්ගන් 07 දෙනෙකු කාන්තාවන්වනවා.

මෙම මරණ 11ත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ ගණන 745ක් දක්වා වර්ධනය වූවා.

මියගිය පුද්ගලයින් පිළිබඳ සවිස්තර නිවේදනය පහතින්…

error: Content is protected !!