හිටපු ජනපති ඉලක්ක කර ‘මාලේ’හි පිපිරීමක්

මාලදිවයිනේ මාලේ අගනුවර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

ඊයේ (06) සිදුවුණු මෙම පිපිරීම, එරට හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ඉලක්ක කරගෙන සිදු වූවක් බව සඳහන්.

නෂීඩ් මේවන විට එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කරන අතර ඒ අනුව ඔහු සැළකෙන්නේ මාලදිවයිනේ දෙවැනි බලවත්ම තනතුර දරන පුද්ගලයා ලෙසයි.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්

රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති මෙම පිපිරීමෙන් හිටපු ජනාධිපතිවරයා තුවාළ ලබා ඇති බව එරට තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය අහ්මඩ් මහ්රූෆ් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වෙත තහවුරු කර තිබෙනවා.

හිටපු ජනපතිවරයා සිය නිවසේ සිට මෝටර් රථය වෙත ඇවිද යන අතරතුර දී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර යතුරුපැදියක අටවා තිබී ඇති එම බෝම්බයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු ද ඒ අසළ සිටි විදෙස් සංචාරකයෙක් ද තුවාළ ලබා ඇති බව සඳහන්.

තුවාළ ලැබූ හිටපු ජනාධිපතිවරයා වහාම රෝහල්ගත කර ඇති අතර ඔහුගේ සුව දුක් විමසීමට මාලදිවයිනේ වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් මොහමඩ් සෝලි ද එහි ගොස් තිබෙනවා.

හිටපු ජනපතිගේ සිරුරෙහි නොගැඹුරු තුවාල කිහිපයක් ඇති නමුත් ඔහුගේ එක් අතක ගැඹුරු තුවාළයක් ඇති බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරන්නේ.

error: Content is protected !!