චීන රොකට්ටුව වායුගෝලයට ඇතුළු වෙයි – මැදපෙරදිග අහසේ ගිනිබෝලයක් (වීඩියෝ)

පාලනයෙන් ගිලිහී කඩා වැටීමට නියමිත චීන රොකට්ටුව පෘතුවියේ වායුගෝලයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව වායුගෝලයේ ඝර්ෂණයට හසු වී එය ගිනිගැනීම ආරම්භ වී ඇති බවට යි විද්‍යාඥයින් මත පළ කරන්නේ.

ඇතැම් විට අධික තාපය හේතුවෙන් රොකට්ටුව පුපුරා යාමට ද ඉඩ ඇති බව පැවසෙනවා.

මේ අතර මැදපෙරදිග රටවල් කිහිපයක ඉහළ ඈත අහසේ ගිනි බෝලයක් වැනි යමක් වේගයෙන් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ රැසක් සමාජ ජාල වෙත එක් වෙමින් පවතිනවා.

මෙය චීන රොකට්ටුව බවටයි සැක කෙරෙන්නේ.

කෙසේ වෙතත් එය කඩා වැටෙන ස්ථානය පිළිබඳව තවමත් නිෂ්චිතව පැවසීමට හැකි වී නැහැ.

සමාජ ජාලවල පළව ඇති වීඩියෝ දර්ශන පහතින්..

error: Content is protected !!