චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩා වැටෙයි

පාලනයෙන් ගිළිහිණු සිය රොකට්ටුව මේවන විට කඩා වැටී ඇති බව චීනය පවසනවා.

ඔවුන් පවසන්නේ එය ඉන්දියන් සාගරයට කඩාවැටුණු බවයි.

Long March 5B නමින් හඳුන්වන මෙම රොකට්ටුව “වෙන්චැං” අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වූයේ අප්‍රේල් 29 වැනිදා යි.

කෙසේ වෙතත් චීනය පසුව ප්‍රකාශ කළේ එය සිය පාලනයෙන් ගිලිහුණු බවයි.

මෙම තත්ත්වයත් සමග රොකට්ටුව කඩා වැටීමට නියමිතව තිබූ අතර එය ඇදවැටෙන ස්ථානයක් පිළිබඳ අනාවැකි පළ කිරීමට විද්‍යාඥයින්ට හැකි වූයේ නැහැ.

මීට පැය කිහිපයකට පෙර මැදපෙරදිග රටවල් වලට ඉහළින් ගිනි බෝලයක් වැනි යමක් වේගයෙන් ගමන් කරනු නිරීක්ෂණය වූ අතර එය චීන රොකට්ටුව බවට සැක කෙරුණා.

(එම වීඩියෝ සඳහා මෙතන ක්ලික් කරන්න)

මේවන විට ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවට සනාථ වී ඇති මෙම රොකට්ටුවේ බර ටොන් 18කට අධිකයි.

!!!Featured image for representation purpose only!!!

error: Content is protected !!