තත්ත්වය දරුණු අතට – අද ආසාදිතයින් 2600 පනියි

අද දින (09) ඇතුළත පමණක් කොවිඩ් ආසාදිතයින් 2,659ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අද සවසවන විට දෛනික ආසාදිතයින් ගණන 1,732 ලෙස දැක්වුණත් රාත්‍රිය වන විට තවත් කොවිඩ් 19 ආසාදිතයින් 927ක් අලුතින් හඳුණාගැනීමත් සමග මෙම තත්ත්වය උදාවී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් 19 ආසාදිතයින් ගණන මෙයයි.

එපමණක් නොව දිනක් තුළ ආසාදිතයින් 2,000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව ලෙස ද මෙය සැළකෙනවා.

මෙම ආසාදිතයින් ගණනත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන එක්ලක්ෂ විසිදහසේ සීමාවට ලඟාවෙමින් පවතිනවා.

සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේවන විට දැක්වෙන්නේ 118,946ක් ලෙසින්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්..

error: Content is protected !!