රොකට්ටුව වැටුණු තැන හරියටම මෙන්න

චීන රොකට්ටුව කඩා වැටුණු ස්ථානය මේවන විට සනාථ වී තිබෙනවා.

ඒ අනුව එය කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකාවට නිරිත දිග මුහුදටයි.

මාලදිවයින් දූපත්වලට ඉතා ආසන්න ප්‍රදේශයකට එය කඩා වැටී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මින් මාලදිවයින් රාජ්‍යයට කිසියම් හානියක් සිදුවී ඇතිද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු කරුණක් වාර්තා වන්නේ නැහැ.

Long March 5B නමින් හඳුන්වන මෙම රොකට්ටුව “වෙන්චැං” අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වූයේ අප්‍රේල් 29 වැනිදා යි.

කෙසේ වෙතත් චීනය පසුව ප්‍රකාශ කළේ එය සිය පාලනයෙන් ගිලිහුණු බවයි.

මෙම තත්ත්වයත් සමග රොකට්ටුව කඩා වැටීමට නියමිතව තිබූ අතර එය ඇදවැටෙන ස්ථානයක් පිළිබඳ අනාවැකි පළ කිරීමට විද්‍යාඥයින්ට හැකි වූයේ නැහැ.

මෙම රොකට්ටුවේ බර ටොන් 18කට අධිකවන අතර එය ජනාකීර්ණ ප්‍රදේශයකට පතිත වූයේ නම් සිදුවන්නට තිබූ ජීවිතහානි ගණන ඉතා විශාල බවයි පැවසෙන්නේ.

error: Content is protected !!